Sunday, September 10, 2017

ෆ්ලොරන්ස්




                                       ෆ්ලොරන්ස් 


දැනුන්  තේරුණ  තියන කාලෙක ඉදන් ආදරේ කරපු නමක්........
නයිටින්ගේල්   පහනක් අතේ තියාගෙන පොරොන්දුවක් දෙනවලු රෝගීන්ට  උපස්ථානය , රැකගැනීම  දිවි හිමියෙන් කැපවෙලා ඉටුකරනවා කියලා ...............ඇත්තටම නයිටින්ගේල්  තමාගේ යුතුකම , වගකීම     අකුරටම ඉටු කරන්න ඇති .
එකනේ අදටත් ඒ  නමට ලෝකයක් ගරු කරන්නේ, ආදරේ කරන්නේ.....
එක නිසාම වෙන්න ඇති මෙයාටත් ඒ   කාලේම  ඒ නම තියන්න ඇත්තේ  ඒත්................පුංචිම කාලේ  එක කොහොමද දන්නේ ?   සමහර විට දැනෙන්න ඇති නැත්නම් එය වගේ වෙයි කියලා හිතලා    නම තියන්න ඇති .............
දරුවන් 12 දෙනෙකුගේ  පව්ලේ වැඩිමලා අව්රුදු   දහයක්  විතර වෙනකොට  පප්පා ගේ මරණයත් එක්ක   මහනුවර යහපත් එඩේරාගේ කන්‍යාරාමයට  ඇතුල් කරනවා ......... .ඒ වෙනකොට   අව්රුද්දෙන් අව්රුද්දට බාල  සහෝදර  සහෝදරියෝ 07 එක්ක ...................... සුදු ජාතික කන්‍යා සොයුරියන් ඇසුරේ සතුටෙන්,ඉගෙනීමෙන් කල් ගත වෙනවා ........................................අව්රුදු   17 වෙනකොට කොලොඹ ට එනවා ලොකු  අම්මලාගේ ගෙදරට ආච්චිත් එක්ක ටික දවසකට ........ඒ පව්ලෙත්  12 දෙනෙක් එක්ක හරිම සතුටෙන් සමගියෙන් ටික දවසක් ගත කරනවා ........................................
කාලය ගෙවෙනවා ....................................ආතර් .........................මරදානේ පදිංචි කෙට්ටු තල එළලු කොල්ලෙක් ............ ෆ්ලොරන්ස්  දැකල        හිතක්  ඇති වෙනවා ෆ්ලොරන්ස්  ගේ ආච්චිගෙන් ඒ  ගැන අහනවා .............................ෆ්ලොරන්ස්  කිසි දෙයක් දන්නේ නැහැ .........
ආච්චි ආතර්ගේ විස්තර හොයනවා  ................මුලින්ම බලන්නේ මාසේ පඩිය කීයද කියල ...... .
කොහොමෙන් හරි මංගල්ලයට හැල හැප්පීම්  එක්ක හැමදේම ලෑස්ති වෙනවා.... ෆ්ලොරන්ස්  ආතර් කසාද බදිනවා !!!!!!!!! 
නුවර , වැල්ලම්පිටිය පදිංචි වෙනවා ...........                                          ආයෙත් කොලොඹ මෝදරට පදිචියට එනවා එතකොට දෙන්න්නට දරුවෝ 03 දෙනෙක් ඉන්නවා ................................
ලොකු අක්කා නැතුව සහෝදරියන්ට කන්‍යාරාමය හරියන්නේ නැහැ ....................................අක්කටත් එහෙම වෙන්න ඇති ..දෙපැත්තට පණිවිඩ හුවමාරු වෙනවා..................... එකා දෙන්න ........හැම සහෝදරියම මෝදර පුංචි ගෙදරට ගාල්  කරනවා ..........................
ෆ්ලොරන්ස්  ආතර් ගේ  දණ්ඩ නීති වලට යටත්ව  කාලේ ගතවෙනවා.......... සහෝදරියෝ  උස් මහත්  වෙනවා..... රස්සාවල් හොයාගන්නවා  ඒ අතරම ආදර සම්බන්දතා ෆ්ලොරන්ස්ට  කියනවා . .සමහර දේ දැනගන්නවා..................එන්න කියන්න  ගෙදරට, දෙමව්පියෝ  කැමතිද ? 
 අම්මාගේ  රස්සාව අක්ක කරනවා .......මරදාන පංචිකාවත්ත ලොකු අම්මාගේ  පුතෙක් එක නංගියෙකුට ,තව නංගියෙක්  කොච්චිකඩේ පළාතට  අනිත් අනික් 6 වෙනත් ය සමග සම්බන්දතා  තියාගෙන හැදල ,වත්තල ,  මෝදර පළාත්වලට ,.............    එක සහෝදරියක් කසාද බැදපු කෙනෙක් එක්ක සම්බන්දයක්.........................විස්තර ආරංචි .....ආතර් ගේ වාචික          දණ්ඩනයටත්   ෆ්ලොරන්ස් ගේ කායික දණ්ඩනයටත්  යටවෙන සහෝදරි ගේ  මුල්ලට ගාල්  වෙන්නේ රෙදි කපන කතුරෙන් අයින් උන දිග  කොණ්ඩය බෙල්ල ගාවට කෙටි වෙලා ෆ්ලොරන්ගේ අතට ගියායින් පස්සේ  ...........................නිවාස අඩස්සියේ.....................මාස ගානක් එලියට බහින්න බැහැ  කොණ්ඩය නැහැ ........................පෙම් සම්බන්දතා ඉවරයි . 
ෆ්ලොරන්ස්ට    තව දරුවෙක් ලැබෙනවා .........සහෝදරියෝ එකා දෙන්නා දීග යනවා  ...........................මල්ලිලා දෙන්නටත් කසාද .හොයනවා එකෙක් බන්දලා දෙනවා . අනිකා  බීමට ඇබ්බැහි වෙනවා.................ගහනවා බනිනවා…………..හදාගන්න බලනවා වෙලාවකට එලවනවා .........................................
උඩුගං බලා පිහිනනවා  .....................................  හාලි සිල්වාලාගෙ  නෑ පිරුස පිරුන මෝදර කන්ද උඩ වත්තේ  දේසපාලනය කරනවා  ලේන්   එකේ සියලුම සියලුම දෙනා එක පක්ෂයක ඉදිද් දී ප්‍රති විරුද්ධ පක්ෂයට වැඩ කරනවා .............. කිසි කෙනෙකුට බය නැතුව පක්ෂ දේශපාලනේ කරනවා .........................අසල්වාසීන් දේශපාලන හතුරෝ උන අවස්ථා  තියනවා කිසි කෙනෙකුට ඔලුව පහත්කරන්න ෆ්ලොරන්ස් කැමති වෙන්නේ නැහැ දේසපාලනය කරලා කිසිම ලාබයක් ලබන්නේ නැහැ..................තමනේගේ පක්ෂය දිනුවම මල් වෙඩි  පත්තු කරනවා. සන්තෝසෙට .......................................
තවත්   දරුවෙක් ලැබෙනවා ...................දැන් දරුවන් 05 දෙනෙකුගේ පව්ලක් ..................... කාලය වේගයෙන්  ගෙවෙනවා  දරුවෝ  දෙන්නෙක් කසාද බදිනවා ..............................කාලින ප්‍රශ්න හරහා.  මෝදරට සමුදෙනවා ...............................       ජා ඇල ප්රෙදේශයට පදින්චියට යනවා .....................
තවත්   දරුවෝ දෙන්නෙක් කසාද බදිනවා .....................මුණුපුර මිනිපිරියන්ගේ වැඩ වලට කර දෙනවා .......................එක දරුවෙක් අසනීප වෙනවා මුළු කාලයම ඒ වෙනුවෙන් කැප කරනවා ඒ  දරුවා මිය ඇදෙනවා ................
දුකත් එක්ක කාලය ගත කරනවා පීනස   හැරෙන්න  ඉහෙන් බහින රෝගක් නැහැ .........කිසි දරුවෙක්ගෙන් මුදල් ඉල්ලන්නේ නැහැ .............................දෙන්නටම ලැබෙන මාසික දීමනාවෙන්   සියකුම දේ කරගන්න්නවා ....රුදිර පීඩනය ගොදුරු වෙනවා බෙහෙත් බොනවා තමන්ගේ සල්ලි වලින් දරුවන් කරන්නේ ඉස්පිරිතාලෙට අරන් යන එක විතරයි  ............වියදම දෙන්න දෙමල්ලෝ ගානේ .......වැඩිපුර සල්ලි කියක් හරි දරුවන්ට දෙනවා .....සතුටට........  නොගත්තොත්  බලෙන් හරි දෙනවා........... 
ආතර්  අසනීප වෙනවා .......................බෙහෙත් ගන්නනවා සුවයක්  නැහැ .........................ෆ්ලොරන්ස්  තනිකරලා අවසන් ගමන් යනවා...................................ෆ්ලොරන්ස්ට    කලින් මිය ගිය එක ............සැනසිලිදායක මරණයක් .........නැත්නම් ෆ්ලොරන්ස්ට මොනවහරි උනොත්   ඉබේම මැරෙනවා වාවන්න  බැරුව .....ඒ තරම්ම ආදරයක් තිබුනේ .............................               
කාලය පියාබනව ..........දි යණියගේ උපන් දින උත්සවයට සහාබාගී වෙනවා ....උපන් දින සන්ග්තය යනවා සතුටෙන් ඉන්නවා............................පහුවෙනිදා හැමෝවම හැමෝම තනි කරලා මෙලොවින් නික්මෙනවා  .....................................
නිකන් නෙමි දෙන්නගෙම ගතිගුණ ආකල්ප දරුවන් අතර ඉතිරි කරලා .........................සුසාන භුමියේ   එකම ලග දෙදෙනාම මිහිදන් වෙනවා ,අයෙත් ආත්මයක් ආත්මයක් පාසා  එකට ආදරයෙන්   බැදෙන්න  .......................
කදුලක් දීලා ,මතකයක් ඉතුරු කරලා ...නික්ම ගියත් ..................................දෙව් මව් තුරුලට..!!!!!!!!!

මතකය හැමදාම.......................... දෙනවා        රිදුමක්  ........ෆ්ලොරන්ස්  ,ආතර් ....ඒ ඔයා මගේ අම්මා ,ඔයා මගේ තාත්තා !!!!!!!!!!!!!











No comments:

Post a Comment